
ශ්‍රි ලාංකේය සාම්ප්‍රදායික නර්තනයේ කාන්තා දායකත්වය.
අනාදිමත් කාලයක සිට පැවත එන මානව නර්තනයේ සුවිශේෂ සන්දර්භයක් ලෙස ශ්‍රි ලාංකේය සාම්ප්‍රදායික නර්තන සම්ප්‍රදායයන් හැඳින්විය හැකිය. මෙහි දී අප මූලිකවම උඩරට, පහතරට හා සබරගමු නර්තන සම්ප්‍රදායයන් අදහස් කරන්නෙමු. උක්ත නර්තන සම්ප්‍රදායත්‍රය තුළ කාන්තා දායකත්වය පිළිබඳව අධ්‍යයනය අතිශය වැදගත්ය. මන්දයත් පුරුෂ මූලික සමාජයකදී කාන්තාව නිරන්තරයෙන්ම අවවරප්‍රසාදිත කුලකය නියෝජනය කරන බැවිනි. එය නර්තනය පමණක් නොව සියළු කලාවන්, ආගමික, සමාජීය යන පොදු සමාජ සංස්ථාවන් හි දී ඇය අවවරප්‍රසාදිත කුලකය නියෝජනය කර ඇති බව දැකිය හැකි පොදු තත්වයකි.
![]() |
| කෑගල්ල, අලවතුර ගනේගොඩ විහාරයේ පාදමේ ශෛලමය නළඟන රූ පෙළ. |
![]() |
| බෙන්තර ගලපාත විහාරයේ ගල් උළුවස්සෙහි ඇති බෙර වාදක රූප, පිඹින ස්ත්‍රී රූප හා උඩරට නිළියකගේ රූප |
කුරුණෑගල පනාපිටය අම්බලමේ කණුවක කැටයම.
- මිහින්තලේ සිංහපොකුණු කටට උඩින් නළගන රූපයක් දක්නට ඇත .
- අනුරාධපුර කුට්ටම් පොකුණෙන් නළගනකගේ නර්තන විලාශයක් දැක්වෙන ලෝකට මූර්තිය.
- දැදිගම කොටවෙහෙරේ සූතිඝර චෛත්‍යයෙන් හමුවූ ඇත් පහනෙහි නළගන රූපයක් දක්නට ඇත .
- අනුරාධපුර යුගය - කොරවක්ගල ලෙන් ලිපියේ නටන ගහපතියාගේ දුව විසින් පවරා දෙන ලදි යනුවෙන් සටහන් වේ.
- පොළොන්නරු යුගය - පාලමොට්ටායි සෙල්ලිපියට අනුව නළලෙහි සලකුණු තබා දේවදාසින් 7 දෙනෙකු පිදු බවත් ඔවුන්ට තැන්පත් කළ මුදලක පොලියෙන් කාසි ගෙවු බව සඳහන් වේ.






